හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි

හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි

හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි

කර්තෘ Staff writer

13 Oct, 2019 | 8:06 am

News 1st – ජපානයට බලපා ඇති හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ නැමීබියාව සහ කැනඩාව අතර තරගය නොපැවැත්වීමට සංවිධායකින් තීරණය කර තිබේ.

මෙවර තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් වූ මෙය ජපානයේ කමායිෂි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අන්තර්ජාතික රග්බි සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හගිබිස් සුළි කුණාටුවේ ගමන් මග සහා එහි බලපෑම පිළිබඳව කාලගුණ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී පැවැත්වීමට නියමිත අමෙරිකාව සහා ටොන්ගා රාජ්‍ය අතර තරගය ද වේල්සය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය සහ සත්කාරක ජපානය හා ස්කොට්ලන්තය අතර තරගය ද පෙර සූදානම් කර පරිදි පැවැත්වෙන බව අන්තර්ජාතික රග්බි සම්මේලනය පවසයි.

ජපානයට බලපා ඇති හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ මේ වන විට තරග 3 ක් නොපැවැත්වීමට සංවිධායකින්ට සිදු විය.

එරට කාලගුණ බලධාරීන් තවදුරටත් ජනතාවට දැනුම් දී ඇත්තේ පැයට කිලෝමීටර 195 ක වේගයෙන් හමායන හගිබිස් සුළි කුණාටුව පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]