ඡන්ද පත්‍රිකා ලබන 6 වැනි දාට පෙර කොමිසමට

ඡන්ද පත්‍රිකා ලබන 6 වැනි දාට පෙර ජාතික මැතිවරණ කොමිසමට

by Staff writer 13-10-2019 | 7:54 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ලබන 6 වැනි දාට පෙර ජාතික මැතිවරණ කොමිසමට භාර දෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, එම කටයුතු මේ දිනවල සිදුවන බවයි. මෙවර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිකාව අඟල් 26 ක දිගකින් යුක්තයි. මේ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.