ජපානය බලා පියාසර කරන ගුවන් ගමන්වල ප්‍රමාදයක්

සුළි කුණාටු අවදානමක් හේතුවෙන් ජපානය බලා පියාසර කරන ගුවන් ගමන් ප්‍රමාදයි

by Staff writer 12-10-2019 | 3:13 PM
COLOMBO (News 1st) - සුළි කුණාටු අවදානමක් හේතුවෙන් ජපානයේ නරීටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් ප්‍රමාද වන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, නරීටා බලා පියාසර කරන සියලු ගුවන් ගමන් පැය 7කින් පමණ ප්‍රමාද කර ඇති බව ය. ඒ අනුව අද රාත්‍රී 7.15ට නරීටා බලා පියාසර කිරීමට නියමිත යු. එල් 460 දරණ ගුවන් යානය හෙට අලුයම 2.35 දක්වා ප්‍රමාද කර ඇතැයි ඔහු පැවසුවේ ය. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 117 77 19 79 යන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය.