සා/⁣⁣පෙළ සිසුන්ට ජා. හැඳුනුම්පත ගැන විමසන්න අංකයක්

සා/⁣⁣පෙළ ලියන සිසුන්ට ජාතික හැඳුනුම්පත ගැන විමසන්න දුරකතන අංකයක්

by Staff writer 12-10-2019 | 7:20 AM

COLOMBO (News 1st) - 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින එහෙත් මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලැබී නොමැති සිසුන් සඳහා ඒ පිළිබඳව විමසීමට දුරකතන අංකයක් හඳුන්වා දී ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දුරකතන අංකය වන්නේ, 011 522 6115. 2019 මාර්තු 31 වන දිනට පෙර ජාතික හැඳුනුම්පත සඳහා සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර පුද්ගලයින් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාලයට යොමු කරන ලෙස 2018 දෙසැම්බර් මස 26 වැනි දා චක්‍රලේඛයක් නිකුත් කර දැනුම් දී තිබුණි. ඒ අනුව නිකුත් කළ හැඳුනුම්පත් මේ වනවිට අයැදුම්කරුවන්ගේ නිවෙස්වලට යොමු කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා ඇත. එවැනි ඉල්ලුම්කරුවන්ගේ හැඳුන්ම්පත් නිකුත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවති.