සරසවි කටයුතු ලබන සඳුදා සිට යථා තත්ත්වයට

සරසවි කටයුතු ලබන සඳුදා සිට යථා තත්ත්වයට - වෘත්තීය සමිති

by Staff writer 12-10-2019 | 7:14 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල පද්ධතිය ලබන සඳුදා වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, අද දිනයේත් සේවකයින්ගේ වාර්තා කිරීම පහළ මට්ටමක පැවැතිය හැකි බවයි. වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (11) අවසන් කෙරුණි.