ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරු ගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

by Staff writer 12-10-2019 | 7:46 AM

COLOMBO (News 1st) - වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා පැවසුවේ, අද අලුයම ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවයි. පසුගිය 9 වැනි දා සිට අද දිනය දක්වා සිංගප්පුරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දුන්නේ ය.