රත්මලානේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක්

රත්මලානේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 12-10-2019 | 11:07 AM

COLOMBO (News 1st) - රත්මලාන, තෙලවල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද උදෑසන ගින්නක් හට ගෙන තිබේ.

එම කර්මාන්ත ශාලාවේ ගබඩාවක් තුළ ගින්න හටගෙන තිබූ අතර මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි මොරටුව ගිනි නිවීම් සේවා ඒකකය පැවසුවේ ය. ඒ සඳහා ගිනි නිවීමේ රථ 4 ක් සහ සේවක කණ්ඩායමක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.