පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක්

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක්

by Staff writer 12-10-2019 | 11:31 AM

COLOMBO (News 1st) - පැය 24 ක කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4 ක්, නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව 98 ක් සහ වෙනත් පැමිණිලි 04 ක් එළෙස ලැබී ඇති බවයි. එසේම පසුගිය 8 වැනි දා සිට දින 3 ක් ඇතුළත ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 375 ක් ලැබී තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ, ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක් නීති උල්ලංඝණය කිරීම් 360 ක් සහ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 6 ක් ද ඒ අතර වන බවයි.