ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - කාලගුණයෙන් අනාවැකි

by Staff writer 12-10-2019 | 5:11 PM

COLOMBO ( News 1st ) - මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාවක් ඇති විය හැකි බව ය. ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70-80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි ය. අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.