ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

by Staff writer 12-10-2019 | 6:46 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි.