තැපැල් ඡන්ද විමසීම ඔක්තෝබර් 30 හා 31

තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 ක්

by Staff writer 12-10-2019 | 11:50 AM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අතරින් සුදුසු අයැදුම්පත් සලකා බැලීම මේ වන විට සිදු කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම පසුගිය 04 වැනි දා අවසන් විය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 යන දෙදින පැවැත්වෙනු ඇති.