පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 11ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 11 දෙනෙක් නාවික හමුදා භාරයට

by Staff writer 12-10-2019 | 4:15 PM

( COLOMBO News 1st ) - ත්‍රිකුණාමලය මුහුදේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, මසුන් ප්‍රවාහනයට යොදා ගත් කැබ් රථයක්, ඩිංගි යාත්‍රා 2ක් හා ධීවර ආම්පන්න සිය භාරයට ගත් බව ය. මෙම පිරිස මුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් නීතිමය කටයුතු සඳහා මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී තිබේ.