ගෝඨා වෙනුවෙන් නිදහස් පක්ෂයෙන් කමිටු 5 ක්

ගෝඨා⁣භ⁣යගේ ජය තහවුරු කරන්න නිදහස් පක්ෂයෙන් කමිටු 5 ක්

by Staff writer 12-10-2019 | 11:44 AM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් කමිටු 5 ක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, මෙහෙයුම්, ප්‍රචාරක, ප්‍රතිපත්ති සැලසුම් යනාදී අංශ යටතේ එම කමිටු පිහිටුවන බවයි. ඊට අමතරව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්ථාපිත කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන සතියේ විවෘත කරන බව ද ඔහු සඳහන් කළේ ය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සහ ආසන මට්ටමින් ද වෙන ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ය.