by Staff writer 12-10-2019 | 3:23 PM
( COLOMBO News 1st ) - මේ මස අවසානයට පෙර දෙනුවර මැණිකේ නමින් නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයට එක්කෙරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පැවසුවේ, සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමග දුර ගමන් දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එම නව අතිරේක දුම්රිය යෙදවීමේ අරමුණ බව ය.
මෙම දුම්රිය ධාවනය කෙරෙන්නේ චීනයෙන් ආනයන කරන ලද නව බලවේග කට්ටල යොදා ගනිමින් ය.
මෙම නව දුම්රිය දිනකට එක්වරක් පමණක් කොළඹ සිට බදුල්ලට ධාවනය වන අතර නැවත බදුල්ලේ සිට කොළඹට පැමිණෙන්නේ ඊට පසු දින ය.
මෙම දුම්රිය මැදිරි 8කින් යුක්ත වන අතර ඒවායෙන් 3ක් සුඛෝපභෝගී මැදිරි ගණයට අයත් වේ.