හගිබිස් සුළි කුණාටුවෙන් ජපානය කැළඹෙයි

හගිබිස් සුළි කුණාටුවෙන් ජපානය කැළඹෙයි

හගිබිස් සුළි කුණාටුවෙන් ජපානය කැළඹෙයි

කර්තෘ Staff writer

12 Oct, 2019 | 7:31 pm

COLOMBO ( News 1st ) – හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ පුද්ගලයින් හය ලක්ෂකයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

එහි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 700ක පමණ ධාරානිපාත වැසි ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් සඳහන් කර තිබේ.

ජපානය මෙවැනි දරුණු සුළි කුණාටුවකට මුහුණ දෙන්නේ වසර 60කට පසුව ය.

3 වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස හැඳින්වෙන හගිබිස් හමා යන්නේ පැයට කිලෝමීටර 195ක වේගයෙන් ය.

ටෝකියෝ අගනුවර, ෂිසූකා, කනගාවා, නගෝයා, නිගාටා ඇතුළු ජපානයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට මෙයින් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි පැවසෙයි.

කාලගුණ නිවේදනයට අනුව ඉදිරි පැය 48 තුළ හකෝනේ නගරයට මිලිමීටර 700ක පමණ තද වැසි ඇති විය හැකි ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]