පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක්

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක්

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක්

කර්තෘ Staff writer

12 Oct, 2019 | 11:31 am

COLOMBO (News 1st) – පැය 24 ක කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 106 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4 ක්, නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව 98 ක් සහ වෙනත් පැමිණිලි 04 ක් එළෙස ලැබී ඇති බවයි.

එසේම පසුගිය 8 වැනි දා සිට දින 3 ක් ඇතුළත ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 375 ක් ලැබී තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක් නීති උල්ලංඝණය කිරීම් 360 ක් සහ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 6 ක් ද ඒ අතර වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]