by Staff writer 12-10-2019 | 7:36 AM
News 1st - ත්‍රස්තවාදය පොදු අභියෝගයක් ලෙස සලකා ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට චීනය සහ ඉන්දියාව සිය එකඟතාව පළ කර තිබේ.
ඒ, චීන ජනාධිපති ෂි ජින්පිං සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර තමිල්නාඩුවේ මාමල්ල පුරම්හිදී පැවැති සාකච්ඡාවන්හිදී යි.
ඉන්දු පකිස්ථාන දෙපාර්ශවය අතර ඇතිවි තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහා සාමකාමි සංවාදයක අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට අමතරව දෙපාර්ශවය අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි.
චීන ඉන්දීය නායකයින් අතර තව ත් සාකච්ජා වටයක් අද පැවැත්වීමට නියමිතව තිබේ.