COLOMBO (News 1st) - එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසිනි.
ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා සහ එස්. බී දිසානායක යන මන්ත්‍රීවරුන් අද පරස්පර අදහස් පළ කළහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩිලාන් පෙරේරා,
දැන් හිස්බුල්ලා අන්තවාදය නියෝජනය කරන කෙනෙක්නේ. හිස්බුල්ලා කියන්නේ අපේ පක්ෂයේ නායකයා වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විසින් ආණ්ඩුකාර ධුරයෙන් පන්නපු කෙනා. එතකොට හිස්බුල්ලා වටේ, දැන් කාත්තන්කුඩි කියන්නේ ආසියාවේ ජනගනත්වය වැඩිම තැන තමයි කාත්තන්කුඩි. ඒ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ එයාට. නමුත් අන්තවාදින් ගොනු වෙන්නේ හිස්බුල්ලා වටේ. අපි මේ හිස්බුල්ලාව ඡන්දයට දාලා නැහැ. හිස්බුල්ලා අපි පන්නපු කෙනෙක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, එස්. බී. දිසානායක,
ඩග්ලස් දේවානන්ද ගත්ත ඡන්ද අපේ තොන්ඩමාන් ගත්ත ඡන්ද අතාවුල්ලා ගත්ත ඡන්ද හිස්බුල්ලා ගත්ත ඡන්ද මේ ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා වෙනම අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා. මම හිස්බුල්ලා එක්ක කතා කළා. මම දකින්නේ හිස්බුල්ලා මහා මුදල් මංකොල්ලයක්, අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි රිෂාඩ් බදුර්දීන් වගේ. එයා පිටරටින් සල්ලි ටිකක් අරගෙන හොඳ විශ්වවිද්‍යාලයක් හැදුවා.