සරසවි අනධ්‍යයන සේවක වර්ජනය 33 වන දිනටත්

වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් තීරණය පිළිබඳව සරසවි අනධ්‍යයන සේවකයින් අද විශේෂ සාකච්ඡාවක

by Staff writer 11-10-2019 | 7:45 AM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ. ඒ, පසුගිය බදාදා දිනයේ සිය වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය ලබා දුන් නිර්දේශය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 33 වන දිනට ය. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාවක් ඇත්නම්, ඒ පිළිබඳව සොයා බලා මාසයක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන්නැයි ජාතික වැටුප් කොමිසමට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඊයේ නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ ය.