යුද හමුදාවේ 7210කට උසස් වීම්

යුද හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් 7210කට එකවර උසස් වීම්

by Staff writer 11-10-2019 | 7:32 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් 7210කට එකවර උසස් වීම් ලබා දී තිබේ. ඒ, ඊයේට යෙදුණු ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙනි. නිලධාරීන් 210 දෙනෙකු හා සෙසු නිලයන් 7000ක පිරිසක් මෙලෙස උසස් වීම් ලබා ඇති බව ද යුද හමුදාව පවසයි. නිලධාරීන් 210 දෙනා අතර දෙවන ලුතිනන් නිලයේ සිටි 3 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් ලුතිනන් නිලයේ සිටි 17 දෙනෙකු කපිතාන් නිලය දක්වාත් උසස් කර තිබේ. මීට අමතරව කපිතාන් නිලයේ සිටි 150 දෙනෙකු මේජර් නිලය දක්වා උසස් කර ඇති අතර මේජර් නිලයේ සිටි 40 දෙනෙකු ලුතිනන් කර්නල් නිලය දක්වා උසස් වීම් ලබා ඇති බව යුද හමුදාව සඳහන් කළේ ය. යුද හමුදා ඉතිහාසයේ සංවත්සරයකට සමගාමීව මෙවැනි විශාල පිරිසකට උසස් වීම් ලබා දුන් ප‍්‍රථම අවස්ථාව මෙය බව ද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.