පළිගැනීමට කාලය වැය කළ නිසා ආණ්ඩුවට ජනතා සේවය මග හැරුණා - මහින්ද රාජපක්ෂ

by Staff writer 11-10-2019 | 9:44 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් ඊයේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ දී පැවැත් විය.

මෙම හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර පියදර්ශන යාපා, ටී. බී. ඒකනායක ​සහ තාරනාත් බස්නායක යන මහත්වරුන් ද එක් ව සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ,
ජනාධිපති අපේක්ෂකයෝ 35 දෙනෙක් ඉන්නවා. ඡන්ද කඩන්න බලාපොරොත්තුවෙන් කාගේ ඡන්ද ද අපේ ඡන්ද කඩන්න. ඉතින් ඒක එසේ වෙන්නේ නැහැ. අද අපේ පක්ෂයෙන් දාලා තියෙන්නේ මේ රටට ආදරය කරන රටට වැඩක් කරපු, වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්වපු නායකයෙක්. අපි එක්සත් ජාතික පක්ෂ රැස්වීම අහන් හිටියා ටිකක්. ඒ මුළු රැස්වීමෙම කළේ අපිට මඩ ගහපු එක. මට මතක් වුණේ 2015 දීත් ඔය වගේම එදා කියපු කතා ටික අද ත් කියන්න පටන් අරන්. හැබැයි ඒ කට්ටිය අවුරුදු හතර හමාරක් කරපු දේවල් කිව්වේ නෑ. මහ බැංකු මංකොල්ලය ගැන කතා කළේ නෑ. ආපු ගමන්ම ප්‍රජාතන්ත්‍රවාදය රකිනවයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු අස් කරපු ආකාරය ගැන කතා කළේ නැහැ. සිල් රෙදි බෙදුවයි කියලා ජනාධිපති ලේකම්වරයා හිර ගෙදරට දාන්න තරම් කුහක වුණු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව රජයේ නිලධාරීන් ආරක්ෂා කරන්නේ නෑ. එහෙමනම් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න එපා ඔබ ආරක්ෂා කරාවි කියලා. පළිගැනීම ඔවුන්ගේ එකම අරමුණ වුණා. ඒ අරමුණින් තමයි ක්‍රියාත්මක කළේ. ඒ නිසා ඔවුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තිබුන් නෑ. ණය ගන්තා. අද කියනෝ බිලියන 24 යි ගාණක් ගත්තයි කියලා. බිලියන.ඒ අය ගත්ත ණයවලට මෙකද්ද කළේ කියලා ඇහුවම ඒ ගැන කියන්න අපේ ණය ගෙව්වලු. මම ගත්ත ණය ගෙව්වලු. ඒ කියන්නේ මම ගත්ත ගාන වගේ තුන් ගුණයක් ණය අරගෙන මගේ ණය ගෙව්වලු. ඉතුරු ටිකට මොකද කළේ. මේ තර්ක ඉදිරිපත් කරනවා. ඔහේ කටට එන මේවෙකකට. මොකක්හරි රැස්වීමේ අත්පුඩියක් ගහ ගන්න කතාවක් කරනවා. ජනතාවට මොනවද දුන්නේ කියලා ඇහුවම මෙනවද කළේ කියලා ඇයි ප්‍රජාතන්ත්‍රවාදය. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි මෙයාලට දීලා තියන එකම දේ. එතකොට අපේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලා නෑ. අපේ කාලේ වෙලාවට ඡන්දේ තිව්වා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය. අපි වැඩ කලා අපේ කාලය තුළ වැඩ කරන්න පුළුවන් රටක් හදන්න, වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු,
ගෝල්ෆේස් එකේ රැස්වීමක් තිබ්බා. පැරණි තැටිය ආපහු දැම්මේ. චම්පිකලා රාජිතලා අවුරුදු හතර හමාරක් තිස්සේ කියපු ටික අදටත් කියනවා. අපි අහනවා අවුරුදු හතර හමාරක් පොල් ගෑවද කියලා. වැඩ බැරි ආණ්ඩුව. වැඩ බැරි නායකයෝ. දක්ෂ මිනිස්සුන්ට ගහලා විනාශ කරන්න බැලුවා. අපිට පක්ෂයක් තිබුන් නෑ මහින්ද මහත්මයා මට තාම මතකයි පක්ෂ නායක රැස්වීමේදී කිව්වා පක්ෂයක් හදන්න. මහින්ද මහත්මයා කිව්වා තැනක් හදන්න අපිට වැටෙන්න තැනක් හදන්න. දූර දර්ශී නායකයා. ඒ පක්ෂෙ තිබුන් නැත්නම් අද අපි කොහාටද යන්නේ. කොමිෂන් තියලා ඒෆ් සී අයි ඩී ආයතන දාලා සී අයි ඩී දාලා නිදොස් මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පිරිසිදු නිදොස් නායකයෙක් කියන එක පැහැදිලිවම ඔප්පු වෙලා තියනවා මේ අවුරුදු හතර හමාර තුළ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කාන්තාවෝ වැඩිපුරම මෝටර් සයිකල් පදින යුගය අපි දැක්කේ මහින්ද රාජපක්ෂ මහත්මයා මෝටර් සයිකල් දුන්නට පස්සේ. තමන්ට ස්වශක්තියෙන් නැගිටින්න පුළුවන් යුගයක් නිර්මාණය කෙරුවා මහින්ද රාජපක්ෂ මහත්මයා. ගොවියට තුන්සිය පනහට පොහොර සහනාධාරය දෙන්න පුළුවන් කියලා පෙන්නුවා මහින්ද මහත්මයා දුන්නා. රාජකීය විද්‍යාලයේ තිබිච්ච මහින්දෝදය විද්‍යාගාර නිර්මාණය කෙරුවා ගමේ දුප්පත් ළමයිට. ඒ විදියට මේ රට හැදුවා. ඒක විනාසයි. ඒ නිසා අපිට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි.