දිස්ත්‍රික්ක රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

by Staff writer 11-10-2019 | 4:37 PM

COLOMBO (News 1st) - බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරුමැද සහ උතුරු පළාත්වලත් මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි. ඒ සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩි විය හැකි වේ. අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.