දඹුල්ලේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි

දඹුල්ලේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි

by Staff writer 11-10-2019 | 10:44 AM
COLOMBO (News 1st) - දඹුල්ල, රන්දෙණිය ප්‍රදේශයේදී අද උදෑසන පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළීමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී පෙරළී ඇති බව ය. අනතුරින් තුවාල ලැබූවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අතර සිසුවියන් 3 දෙනෙකු ද වේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.