කොච්චිකඩේ ඇත්ගාල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

කොච්චිකඩේ ඇත්ගාල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

by Staff writer 11-10-2019 | 11:02 AM
COLOMBO (News 1st) - කොච්චිකඩේ ඇත්ගාල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමකින් කාන්තාවක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් තවත් කාන්තාවක සහ දැරියක ද තුවාල ලබා ඇති බව ය. ඔවුන් දෙදෙනා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබති. මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි ඇත්ගාල, කටාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොච්චිකඩේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.