by Staff writer 11-10-2019 | 1:08 PM
COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම දැන් පැවැත්වේ.
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන්නේ අද පස්වරු 4.00ටයි.
මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම ආරම්භ වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ ය.
මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384කි.
ඡන්ද මධ්‍යස්ථානවල තත්ත්වය විමසා බැලු අප වාර්තාකරුවන් පැවසුවේ, ජනතාව දැඩි උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙමින් සිටින බව ය.
පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයින් 115 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, සභිකයින් ලෙස ඔවුන්ගෙන් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය.
ඡන්ද ගණනය ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කෙරෙනු ඇති.
අවසන් ප්‍රතිඵලය නිකුත් කෙරෙන්නේ, ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරියේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයෙනි.
මැතිවරණ කටයුතු වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
ඇල්පිටිය ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ සියලු පාසල් අද දිනයේ වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10.00 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ය.
ඒ, ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු සිදු වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අද පෙරවරුවේ ඔහු ඇල්පිටියට පැමිණි අවස්ථාවේදී ය.