දඹුල්ලේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි

දඹුල්ලේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි

දඹුල්ලේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි

කර්තෘ Staff writer

11 Oct, 2019 | 10:44 am

COLOMBO (News 1st) – දඹුල්ල, රන්දෙණිය ප්‍රදේශයේදී අද උදෑසන පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළීමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී පෙරළී ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අතර සිසුවියන් 3 දෙනෙකු ද වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]