ඇල්පිටියේ පුංචි ඡන්දය උදෑසන 7.00ට ඇරඹෙයි

ඇල්පිටියේ පුංචි ඡන්දය උදෑසන 7.00ට ඇරඹෙයි

by Staff writer 11-10-2019 | 6:41 AM
COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වේ. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වෙන බව ය. ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 53384කි. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා පැවසුවේ, ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටින බව ය. මේ අතර ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්ද විමසීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඡන්ද මධ්‍යස්ථාන අසළ මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ය. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර ඇල්පිටිය ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ සියලු පාසල් අද දිනයේ වසා තැබෙන බව ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.