සජිත්ගේ මංගල රැළිය ගාලුමුවදොරදී ඇරඹේ

by Staff writer 10-10-2019 | 3:30 PM
COLOMBO (News 1st) - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම ජයග්‍රාහී රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.