මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර රක්ෂිත බන්ධනාගාරයට

මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 10-10-2019 | 2:20 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි. 2004 වසරේදී නීතිවිරෝධී රැස්වීම පවත්වා ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු සැකකරු, හලාවත මහාධිකරණය විසින් 2011 වසරේදී ඇප මත මුදා හැරියේ ය. ඒ, සෑම ඉරිදා දිනකම හලාවත පොලීසියේ පෙනී සිටීමේ කොන්දේසිය මතයි. පසුව 2013 වසරේදී අදාළ ඇප කොන්දේසිය ලිහිල් කෙරුණේ ඔහුට සෑම මසකම අවසන් ඉරිදා දින හලාවත පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි, දන්වමිනි. හලාවත මහාධිකරණය ඒ සම්බන්ධයෙන් කැඳවූ පොලිස් වාර්තාවේ දැක්වුණේ ඔහු ඇප කොන්දේසියට අනුව කටයුතු කර නොමැති බවයි. ඒ අනූව ඇප නියෝගය අවලංගු කළ හලාවත මහාධිකරණය ශාන්ත සිසිර කුමාර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළේ ය.