නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක්

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට එළඹෙයි

by Staff writer 10-10-2019 | 10:50 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තැබී ය. ඒ, කොළඹ පදනම් ආයතනයේදීයී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර සහ පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් ඊට අත්සන් තැබී ය. දෙපාර්ශවය එම ගිවිසුමට එළඹුණේ, ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමේ අරමුණිනි. https://www.youtube.com/watch?v=ic1ZDrnGT_I&list=UUgnFSj7jQffD5V5m05j4dPw&index=1