සජිත්ගේ මංගල රැලිය අද ගාලුමුවදොරදී

ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාසගේ මංගල රැලිය අද ගාලුමුවදොරදී

by Staff writer 10-10-2019 | 6:53 AM

COLOMBO (News 1st) - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද කොළඹදී පැවැත්වේ.

කොළඹ ගාලුමුවදොර පිටියේ අද පැවැත්වෙන රැලිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවති. රැලිය පැවැත්වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. පස්වරු 2.00 ට රැලිය ආරම්භ වීමට නියමිතයි.