ඇල්පිටිය පුංචි ඡන්දයට සියල්ල සූදානම්...

ඇල්පිටිය පුංචි ඡන්දයට සියල්ල සූදානම්... මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය පෙරවරුවේ

by Staff writer 10-10-2019 | 7:11 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද පෙරවරුවේ ආරම්භ වේ.

ඒ, ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ සිටයි. පූර්ණ ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි ඇතුළු අනෙකුත් භාණ්ඩ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාණපතිරණ මහතා සඳහන් කළේ ය. හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා ලියපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි. ඒ වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස 17 ක, ඡන්ද මධ්‍යස්ථාන 47 ක් පිහිටුවා තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 155 කි. ඒ අතරින් සභිකයින් 28 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.