ඇල්පිටිය ඡන්දයට සියල්ල සූදානම් - මැතිවරණ කොමිසම

ඇල්පිටිය ඡන්දයට සියල්ල සූදානම් - මැතිවරණ කොමිසම

by Staff writer 10-10-2019 | 12:53 PM
COLOMBO (News 1st) : ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද පෙරවරුවේ ආරම්භ වූ බවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙනුවෙන් පූර්ණ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිසීය පවසයි. ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි. ඒ වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස 17 ක, ඡන්ද මධ්‍යස්ථාන 47 ක් පිහිටුවා තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 155 ක්. ඒ අතරින් සභිකයින් 28 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තෝරාපත් කරගැනීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාවලදීම සිදු කෙරෙනු ඇති. අවසන් ප්‍රතිඵලය නිකුත් කෙරෙන්නේ ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරියේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීයී.