මහ වැස්සත් සමග බගවන්තලාවට ආපදා

මහ වැස්සත් සමග බගවන්තලාවට ආපදා

by Staff writer 10-10-2019 | 2:11 PM
COLOMBO (News 1st) : අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ආපදා තත්ත්වයන් රැසක් වාර්තා වේ. බගවන්තලාව ප්‍රදේශට ඊයේ පස්වරුවේ සිට අධික වැසි ඇදහැළෙමින් පවතී. වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් ද ජලයෙන් යටව තිබිණ. තව ද බගවන්තලාව තෙරේසියා වත්තේ වතු නිවාස පේළියක් මතට ඊයේ පස්වරුවේ පස් කන්දක් ද කඩා වැටී තිබිණ. අප වාර්තාකරු පැවසුවේ එම නිවාසවල පදිංචි පවුල් 7කට අයත් සාමාජිකයින් 57 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලනාධිකාරිය කටයුතු කළ බවයි. මේ අතර බගවන්තලා කිලානී වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් ආසන්නයට අකුණු සැර වැදීමෙන් කාන්තාවක් රෝහල්ගත කර තිබේ.