පෞද්ගලික වුවමනා මත පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙස චන්ද්‍රිකා, දයාසිරිට දන්වයි

පෞද්ගලික වුවමනා මත පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙස චන්ද්‍රිකා, දයාසිරිට දන්වයි

පෞද්ගලික වුවමනා මත පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙස චන්ද්‍රිකා, දයාසිරිට දන්වයි

කර්තෘ Staff writer

10 Oct, 2019 | 9:47 pm

COLOMBO (News 1st) – පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා වී වටිනා පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට දන්වා තිබේ.

හිටපු ජනාධිපතිනිය නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට යැවූ සටහන ඇගේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර තිබේ.

එම සටහන අනුව ජයසේකර මහතාට දන්වා ඇත්තේ, සංවිධායකයින් 90%කට වැඩි පිරිසක් පොහොට්ටුව සමග එක්වීමට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීම පක්ෂය මුළුමනින්ම පාවාදීමක් බව ය.

පක්ෂයේ සභාපති ධූරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ නම්, සභාපති ධූරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා දයාසිරි ජයසේකර මහතාට සහය දෙන බව ද එහි සඳහන් ය.

පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමග සන්ධානයට සම්බන්ධ වූ නිසා නොව නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසා යැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මතයයි.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී මිනීමැරුම් සහ මංකොල්ලකෑම්වලට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත් වනු ඇති බව ද ඇය සඳහන් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]