නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අද අවබෝධතා ගිවිසුමකට

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අද අවබෝධතා ගිවිසුමකට

by Staff writer 10-10-2019 | 6:46 AM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබේ.

අද උදෑසන 10.00 ට එම ගිවිසුමට අත්සන් තැබෙන්නේ කොළඹ පදනම් ආයතනයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.