ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට – සජිත්ගෙන් පොරොන්දුවක්

ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට – සජිත්ගෙන් පොරොන්දුවක්

ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට – සජිත්ගෙන් පොරොන්දුවක්

කර්තෘ Sakila Udayakumara

10 Oct, 2019 | 8:18 pm

COLOMBO (News 1st) – එළැඹෙන ජනාධිපතිවරණය තමා ජයග්‍රහණය කිරීමෙන් පසු රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද ගාලුමුවදොරදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු රැළිය අමතමිනි.

සිය කතාව ආරම්භ කරමින් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන්ම පසුගියදා ශ්‍රී මුඛය යැයි සඳහන් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලුවේ ය.

පවුල්වාදය හා මිලිටරිවාදය කරපින්නා ගත් නායකත්වයක් රටට අවශ්‍ය නොමැති බව සඳහන් කළ ප්‍රේමදාස මහතා සිය රජයක් තුළ දූෂණයට හා වංචාවට ඉඩ නොතබන බව අවධාරණය කළේ ය.

සමෘද්ධියට අමතරව තවත් සහන පැකේජයක් ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, එම වගකීම ද සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]