අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඉන්ධන මිල පහළට

කර්තෘ Staff writer

10 Oct, 2019 | 10:02 pm

COLOMBO (News 1st) – ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

එම සමාගම සඳහන් කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කළ බව ය.

එම සමාගමේ සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කර නොමැත.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව දැනට පවතින මිලෙහි පවත්වා ගෙන යාමට අද පස්වරුවේ රැස් වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ස්ථාවරව පැවතීම සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]