ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට

by Staff writer 09-10-2019 | 10:47 AM
COLOMBO (News 1st) - එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂය මේ බව අනාවරණය කළේ ය.