වීසා නීති උල්ලංඝනය කළ විදේශිකයින් 2ක් අත්අඩංගුවට

වීසා නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 09-10-2019 | 9:53 AM
COLOMBO (News 1st) - වීසා නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 22 හා 47 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි. ඔවුන් නීති විරෝධීව මෙරට රැඳී සිටිමින් පෑස්සුම් වැඩපොළක සේවය කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.