වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

by Staff writer 09-10-2019 | 8:07 AM
COLOMBO (News 1st) - වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, උතුරු සහ දකුණු කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම දර්ගානගරය සහ බෙන්තොට ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටු වනු ඇති. ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බල සැපයුම අත්හිටුවීම ජල සැපයුම කපා හැරීමට හේතු වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ය.