by Staff writer 09-10-2019 | 12:58 PM
COLOMBO (News 1st) - ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මධුමාධව අරවින්ද මහතා පැවසුවේ, මුස්ලිම් ප්‍රජාව පිළිබඳව සිදු කළ ප්‍රකාශය පිළිබඳව මධ්‍යම කාරක සභාව විසින් මතු කරන ලද කරුණු පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ බව ය.
එකී ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදු වීම පිළිබඳව කණගාටුව පළ කරන අතර පක්ෂයේ දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.