ගෝඨාභය අනුරපුරින් ප්‍රචාරක කටයුතු අරඹයි

ජනපති අපේක්ෂක ගෝඨාභය අනුරපුරින් ප්‍රචාරක කටයුතු අරඹයි

by Staff writer 09-10-2019 | 7:07 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ අද ආරම්භ වේ. ඒ, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයෙනි. ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, පස්වරු 2.00ට ආරම්භ වන ජන රැළිය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන පක්ෂ රැසක නියෝජිතයින් ද සහභාගී වීමට නියමිත බව ය.