ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-10-2019 | 6:13 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. කොළඹ ජම්පටා විදීය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 2. තවත් රුපියල් කෝටි 2141ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 3. හැටන් – දික්ඔය මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදී පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. 4. පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා මතුව තිබේ. 5. බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. 6. එළැඹෙන ජනාධිපතිවරණය සඳහා යොදා ගනු ලබන ඡන්ද පත්‍රිකාව අඟල් 26කින් යුක්ත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විදෙස් පුවත් 7. තුර්කිය සිරියාවේ හමුදා මෙහෙයුම් දුර දිග ගෙන ගියහොත් එරට ආර්ථිකය විනාශ කර දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. ක්‍රීඩා පුවත් 8. ඉතිහාසයේ පළමු වරට පකිස්ථානයට එරෙහිව, පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.