by Staff writer 09-10-2019 | 1:23 PM
COLOMBO (News 1st) - අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට පැවැත්වේ.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එලෙස අද පැවැත්වෙන බව ය.
ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත බව ද එම සාමාජිකයා සඳහන් කළේ ය.