විශ්වාස කළ නොහැකි තරම් අඩු මිලකට Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

විශ්වාස කළ නොහැකි තරම් අඩු මිලකට Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

විශ්වාස කළ නොහැකි තරම් අඩු මිලකට Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

කර්තෘ Staff writer

09 Oct, 2019 | 12:27 pm

Sponsored Content – Huawei විසින් සිය flagship විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකථනය Huawei Nova 5T පසුගියදාඑළිදැක්වුණා.

Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් එන Huawei Nova 5T, ඉතා ආකර්ෂණීය පෙනුමකින්ද යුක්තයි. දිනෙන් දින අලුත් වන ජංගම දුරකන තාක්ෂණය හා බැඳුණු නව අංග රැසක් Nova 5T සඳහා එක් කර ඇති අතර, පසුපස කවරයේ සුවිශේෂී 3D පෙනුම ඇති නිර්මාණක් ද වනවා.

Nova 5T හි මිලත් ඉතා ආකර්ෂණීයයි. මාසිකව රුපියල් 1,945 ක් වැනි අඩු මුදලකට credit cards මගින් කෙටස් වශයෙන් Huawei Nova 5T මිලදී ගැනීමේ පහසුකම ප්‍රධාන පෙළේ e-commerce sites හා සම්බන්ධ වී ලබා ගත හැකියි.

Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා නව දුරකතනය හඳුන්වා දෙමින් ප්‍රකාශ කළේ, “Huawei ජංගම දුරකතන පවුලට එකතු වුණු නවතම සාමාජිකයා වන Nova 5T ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම ඉමහත් සතුටක් වන අතර නවතම විශේෂාංග ඇතුළත් ජංගම දුරකතනයක්, අවම මිලට පාරිභෝගිකයා වෙත ගෙන ඒමට Huawei නිරතුරුවම කැප වී සිටින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙසට මේ හඳුන්වා දුන් Nova 5T හැඳින්විය හැකියි.

එහි අසමසම මිල බෙහෝ දෙනෙකු ආකර්ෂණය කර ගනු ඇතැයි විශ්වාස කරනවා. කාර්යය හැකියාව සහ භාවිතයේ පහසුව හැරුණුකොට Nova 5T හි වැඩි දියුණු කළ තාක්ෂණය, ජංගම දුරකතනයෙන් සුවිශේෂී ඡායාරූප ගන්නන් වෙනුවෙන්ම බවත් කිව හැකියි.

පැහැදිලි හා සමීප දසුන් ඡායාරූප ගත කිරීමටත්, ඉතා පුළුල් ආකාරයේ ඡායාරූප ලබා ගැනීමටත් Huawei Nova 5T හි 48MP ප්‍රධාන කාච, 16MP ultra wide-angle, 2MP macro, සහ 2MP bokeh lens සතු Rear කැමරා 4 උපකාරී වනවා. දුරකයේ ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි FullView Screen එක මත පිහිටා ඇති අතර එය 32MP f/2.0 කාචයන්ගෙන් යුක්තයි. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්ත්වයකදී වුවත්, blur-free වීඩියෝ ගැනීමේ හැකියාව ලබා දෙනවා. තවද සෙන්ටිමීටර් 4 ක් තරම් සමීපව වස්තූන් focus කිරීමට එහි macro කාචයට හැකියාව තිබෙනවා. 48 MP ප්‍රධාන පිටුපස කැමරාව Sony 1⁄2-inch CMOS sensor යකින් සමන්විත අතර, එය Nova 5T අතිශයින්ම වෘත්තීය ඡායාරූප උපාංගයක් බවට පත් කරනවා. මීටඅමතරව, Huawei5T හි ඇති ISO sensitivity ප්‍රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක් විදහා පාන අතර Huawei Nova 5T හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour ගින් ඡායාරූපවලට සිනමාත්මක ගුණයක් ලබා දෙනවා. පාරිභෝගිකයින්ට සිය වීඩියෝ වඩාත් වැඩි දියුණු කළ හැකි පරිදි හා vlogger-worthy වීඩියෝ නිර්මාණය කරගත හැකි පරිදි නිර්මාණය කළ Huawei Nova 5T සහ EMUI9.1 පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා දෙනවා.

8GB of RAM සහ 128GB මතක ධාරිතාවක් ඇති Nova 5T, 3,750mAh බැටරියකින් සහ විනාඩි 30 ක් තුළදී 50% ක් දුරකනය චාර්ජ් කිරීමේ හැකියාව ඇති 22.5W Huawei Super Chargeවලින් යුක්තයි. Nova 5T හි 6.26-inch full HD punch-hole තිරය නිමවා තිබෙන්නේ 2340×1080- resolution සහිතවයි. මීට අමතරව තත්ත්පර 0.3 ක් වැනි සුළු කාලයක් ඇතුළත දුරකනය unlock කර ගැනීමට Power Button මත පිහිටි fingerprint sensorයට හැකියාවක් තිබෙනවා. ප්‍රමාණයෙන් සිහින් බැවින් Nova 5T භාවිතයට ඉතා පහසුයි.

ලොව ප්‍රථම 7nm flagship chipset එක වන KIRIN 980, Nova 5T සතු නිසා එය flagship මට්ටමේ ක්‍රියාකාරිත්වයකින් යුක්තයි. මෙහි ඇතුලත් නව EROFS file reading system නිසා memory ධාරිතාව උපරිම කාර්යක්ෂමතාවකින් භාවිත කිරීමට ද පාරිභෝගිකයාට ලැබෙනවා. EMUI 9.1සමගින්, 59% ක අමතර වේගයකින් app launch හැකියාව ද, Nova 4 ජංගම දුරකතනයට වඩා 57% ක තවදුරටත් සුසිනිඳු UI operation හැකියාව ද Nova 5T සතුයි. GPU Turbo 3 තාක්ෂණය නිසා කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට ද Nova 5T භාවිත කරන්නන්ට ඉඩ ලැබෙනවා.

රුපියල් 69,999.00 හඳුන්වා දීමේ මිලකට එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාරවලින්, වරලත් අලෙවි නියෝජිතයන්ගෙන් හා ප්‍රධාන පෙළේ e-commerce sites වෙතින් මිලදී ගත හැකියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]