මුහුදේ සුළං වේගය ක්ෂණිකව ඉහළට – අවධානයෙන් පසුවන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්

මුහුදේ සුළං වේගය ක්ෂණිකව ඉහළට – අවධානයෙන් පසුවන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්

මුහුදේ සුළං වේගය ක්ෂණිකව ඉහළට – අවධානයෙන් පසුවන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්

කර්තෘ Staff writer

09 Oct, 2019 | 7:35 am

COLOMBO (News 1st) – පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශ ක්ෂණික ඉතා රළු වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

තද වැසි හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 ත් දක්වා ඉහළ යා හැකි බව ය.

මේ අතර මධ්‍යම, සබරගමුව, දකුණු බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 – 100ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]