පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මහාධිකරණයෙන් නියෝග

පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මහාධිකරණයෙන් නියෝග

පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි මහාධිකරණයෙන් නියෝග

කර්තෘ Staff writer

09 Oct, 2019 | 12:01 pm

COLOMBO (News 1st) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර තීරණය කළේ ය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ, මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙසයි.

ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]