රු.කෝටි 2141ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

රුපියල් කෝටි 2141ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

by Staff writer 08-10-2019 | 6:48 PM
COLOMBO (News 1st) - තවත් රුපියල් කෝටි 2141ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ජනාධිපතිවරයා සඳහා ආනයනය කරන ලද ආරක්ෂක රථ දෙකක් සඳහා සුඛෝපභෝගී බද්ද ගෙවීම ඇතුළු වියදම් ගණනාවක් පියවීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. මෙම සුඛෝපභෝගී බද්ද ගෙවීමට රුපියල් දස කෝටි දස ලක්ෂයක් ඉල්ලා ඇති අතර රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හරිත කමිටු පිහිටුවීම සඳහා තවත් රුපියල් නව කෝටි තිස් එක් ලක්ෂයකට අනුමැතිය ඉල්ලා තිබේ. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීම් සඳහා මේ මගින් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 15කි. මගී ප්‍රවාහන දුම්රිය මැදිරි 107ක් ලබා ගැනීමට රුපියල් දොළොස් කෝටි හතලිස් අට ලක්ෂයක්, සුවසැරිය ගිලන් රථවලට නැවතුම් මධ්‍යස්ථාන 300ක් ඉදිකිරීමට රුපියල් විසි කෝටියක්, මුහුදුබඩ දුම්රිය මාර්ග සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට තවත් රුපියල් 27 කෝටි හතළිස් හතර ලක්ෂයක් මේ පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කර තිබේ.