ජම්පටා විදීයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ජම්පටා විදීයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 08-10-2019 | 10:25 PM
COLOMBO (News 1st) - කොළඹ ජම්පටා විදීය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, මෙනන් සූරියකාන්ත නමැත්තෙකි. ඔහු 24 හැවිරිදි 131 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 7.50ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව ය. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. ඉන් තුවාල ලැබූ මෙනන් නමැත්තා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු හෙරොයින් සම්බන්ධ නඩුවකට අදාළව ඇප මත සිටින අයෙකු බව ය.